පිපාසය සංසිඳුවා ගැනීමේ හෝ ආහාර රුචිය වැඩිකර ගැනීමේ අරමුණෙන් බොහොමයක් දෙනා කාබනීකෘත පැන් පානය කිරීමට පෙළඹේ. ඒවායේ ඇති රසවත් බවත් පානය කිරීමෙන් ලැබෙන ප්‍රබෝධමත් බවත් නිසා ඕනෑමකෙනෙක් කාබනීකෘත පැන් පානය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම අරුමයක් නොවේ. නමුත් කණගාටුවට කාරණය මිනිසා විසින් මෙවැනි කෘතීම පැන්වර්ග පානය කිරීම පුරුද්දක් කරගැනීමයි. මක්නිසාදයත් හුදෙක් කාබනීකෘත පැන් සතුව කිසිදු පෝෂණීය වටිනාකමක් නැති නිසාම පමණක් නොව කාබනීකෘත පාන ශරීරයට අහිතකර වියහැකි බැවිනි. ඒවා නිතිපතා පානය කිරීම භයානක ප්‍රතිඵල ඇති කළහැකි බැවිනි. කාබනීකෘත පාන භාවිතය මිනිසාට අහිතකර වන්නේ කෙසේද, නිතිපතා පානය කිරීමෙන් ඇතිවන භයානක ප්‍රතිඵල කවරේද,එහි ප්‍රධාන අන්තර්ගත හෙවත් අඩංගු ප්‍රධාන සංඝටක ඇසුරෙන්ම එය පැහැදිලි කරගතයුතුය. සුක්‍රෝස් හෙවත් පිරිපහදු කරනලද සීනි (ග්ලූකෝස් - 45% + ෆෘක්ටෝස් - 55%) මෙහි ඉදිරියෙන් දැක්වෙන පිටුවට පිවිසීමෙන් සීනි භාවිතයේ ප්‍රධානතම අහිතකර ප්‍රතිඵල දහයක් ගැන මනා වැටහීමක් ලබාගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත.
කාබන්ඩයොක්සයිඩ් (කාබොනික් අම්ලය) කෙසේනමුත් කාබනීකෘත පාන ගැනීමෙන් පසු රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ නැංවීම නිසා සෛල වල ආහාර බිඳහෙළිමේ ක්‍රියාවලිය එනම් පරිවෘත්තීය ක්‍රියාව අඩපණ කරයි. ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැතිකමින් ශරීරය විඩාවට පත්වේ. පොස්ෆෝරික් අම්ලය රුධිරයෙහි සංසරණයවන අධි සාන්ද්‍රිත පොස්ෆරස්, අස්ථිවල ඇති කැල්සියම් උරාගැනීමට පෙළඹෙයි. මේ හේතුවෙන් අස්ථි දුර්වලවන අතර කාලයත් සමඟ ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානමක් තිබේ. තවද දිරාගිය අස්ථිවලින් නික්මුණු කැල්සියම් සංයෝග වකුගඩු හා කුඩා අතුනුබහන් වල තැන්පත්වීමෙන් හා එකතුවීමෙන් වකුගඩු අබාධ ඇතිවේ. විශේෂයෙන්ම වෘක්ක ගල් ඇතිවිය හැක. මියයාමෙන් පසු මිනිස් සිරුරක අනෙකුත් සියළුම කොටස් ඉක්මනින් දිරාගිදයද දත් හා අස්ථි වසර ගණනාවක් නොදිරා පවතිනසුළුය. එහෙත් කාබනීකෘත පාන භාවිතය මිනිසෙකු ජීවත්ව සිටියෙදීම එම පුද්ගලයාගේ දත් සහ අස්ථි දිරාපත්වීමට මඟපාදයි. රුධිරයේ පොස්ෆොරස් මට්ට්ම පාලනය කරන්නේ වකුගඩු මඟිනි. කෙසේදයත් පරිභෝජනය කරනලද වැඩිපුර පොස්ෆොරස් කොටස රුධිරයෙන් ඉවත්කර සුළුදිය සමඟ අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීමෙනි. නමුත් වකුගඩු රෝගීන්ට මෙම හැකියාව තරමක් අඩු බැවින් කාබනීකෘත පාන භාවිතය ඔවුනට කිසිසේත්ම නුසුදුසුය. පොස්ෆෝරික් අම්ලය අමාශයේ අම්ල ඝනත්වය වැඩිකරන හෙයින් අම්ලපිත්තය හෙවත් අමාශයේ දැවිල්ල හටගනී. කැෆේන් කැෆේන් මඟින් ඇඩෙනොසින් ප්‍රතිග්‍රාහක අවහිර කරන බැවින් නිදිමත ඇතිනොවේ. ඇඩෙනොසින් යනු මොළයේ අධි උත්තේජන ඇතිවීම වළක්වන ස්නායුසම්ප්‍රේෂක රසායනික ද්‍රව්‍යයයකි. අවහිරවුණු ප්‍රතිග්‍රාහක ඇඩෙනොසින් වලට ප්‍රතිචාර නොදක්වන නිසා ස්නායු සෛල අධි උත්තේජයනයවීම වැළක්වීමක් සිදුනොවේ. නිදිමත ඇතිවීමට නම් මොළය අධි උත්තේජයනයට ලක්වීම වැළක්වීම සිදුවිය යුතුය. හරිහැටි නින්දක් නොලැබීමෙන් අවිවේකී වන සිරුර පහසුවෙන්ම විඩාවට පත්වේ. කැෆේන් භාවිතයෙන් ඇඩ්රිනලින් හෝමෝනය වහා ක්‍රියාකාරීත්වයට පැමිණෙයි. එවිට හදගැස්ම වේගවත් වන අතර රුධිර නාල අවහිරවී රුධිර පීඩනය ඉහළයාම සිදුවේ. තවද ශරීර ශක්තිය වැඩිකිරීමට අක්මාව මගින් වැඩිවැඩියෙන් රුධිර ධාරාවට සීනි මුදාහැරීම සිදුකරයි. එවිට රුධිරයේ සීනි මට්ට්ම ක්ෂණිකව ඉහළ නැඟීම සිදුවේ. කැෆේන් නිසා අධි මේහනය ඇතිවේ. කාබනීකෘත පැන් වර්ගයක් පානය කිරීමෙන් පසු දැඩි පිපාසයක් දැනෙන්නේ මේ හේතුවෙනි. මේ නිසා කාබනීකෘත පානයක් ගැනීමෙන් පසු ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළහොත් ශරීරය විජලනයට ලක්වේ. එමෙන්ම විජලනය ඇතිවුවහොත් මලබද්ධය වුව ඇතිවිය හැක. කැෆේන් නිසා ඇතැමෙකුට හිසේකැක්කුම ඇතිවේ. තවද ඉරුවාරදය හටගැනීමට හේතුවේ. E211 හෙවත් සෝඩියම් බෙන්සොයේට් බෙන්සීන් කෘතීම රසකාරක හා කැරමල් වර්ණක ටින් ආරක්ෂක පිනවමින් රස නහර |
Drinking Soda or Sugary Beverages Increases Heart Attack Risk
Soft Drinks The Effects of Coke and Pepsi
Bad Effects of Coke & Soft Drinks
What Happens To Your Body Within An Hour Of Drinking A Coke
Ithamath kalochitha. godak dewal gana danganna puluwan lipiyak obata sthuthi Geethika. thawa liyanna . subapathanawa.
ReplyDeleteලිපිය කියවා අගය කිරීම ගැනත්, දිරිමත් කිරීම සහ සුබපැතීම ගැනත් ඔබට බොහොම ස්තූතියි.
Delete