Sunday, January 1, 2012

2012 සුබ නව වසරක් වේවා !

අද 2012 වසරේ ජනවාරි මස 1(පළමු) වෙනි ඉරිදා. ඊයේ මධ්‍යම රාත්‍රී දොළහට 2011 වසරේ අවසාන දවසේ අවසාන තත්පරය ගෙවිලා ගිහින් 2012 නව වසර උදාවුණා. මෙම සිදුවීම ලෝකයටම පොදු වුණත් එකම මොහොතක නොව පැය විසි හතරක් පුරාවට සිදුවුණ දෙයක්. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 න් පටන් ගෙන ගතවුණ පැය විසි හතර පුරාවට වරින් වර ලෝකයේ කුමක් හෝ රටකට 2012 නව වසර උදාවුණා. ලෝකයේ බොහොමයක් රටවල බොහොමයක් අය තම තමන්ගේ රටේ වේලාවෙන් තමන්ගේ සංස්කෘතියට ආවේණික අයුරින් නව වසරේ උදාව සැමරුවා. තමන්ගේ මවුබිමින් බැහැරව සිටින අය තමන් ඉන්න රටේ වේලාවෙන් නව වසරේ උදාව සැමරුවා.

මේ සම්බන්ධතාවය මෙතනින් බලන්න ඔස්සේ ඔබට පුළුවනි ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේ වේලාවට සාපේක්ෂව ලෝකයේ විවිධ රටවල් වලට නව වසර එළඹුණ වේලාව බලාගන්න. මම මේ සම්බන්ධතාවය ඔබත් එක්ක බෙදා හදා ගන්නේ තව තවත් දේවල් සොයා ගන්න මේ වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි කියල හිතලා.

ලැබුවා වූ 2012 වසර ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා !