Friday, November 4, 2011

නවීන කුස්සිය

අපි දෙන්නා















 අපේ මහත්තයා පිලිවෙලකට කරනවා කරන දෙයක්.
එයාට නෑ ආවට ගියාට වැඩ කරන පුරුද්දක්.
'අපි හදමු අළුත් කුස්සියක් '.
එයා කිව්වා එක දවසක්.
ගතවුණා හරියටම සතියක්.
මෙන්න ගෙනාවා පොත් මිටියක්.
හැම එකකම තිබුනෙ හදන හැටි නවීන කුස්සියක්.
ගතවුනා මාස තුන හතරක්.
ඉවරයි කියවලා පොත් ගානේ හැම පිටුවක්.
සාකච්ඡා වට්යක්.
ඇදි ඇදී ගියා වට කිහිපයක්.
දැන්නම් මාස හත අටක්.
ඇති යාන්තං වුනා සාකච්ඡා ඉවරයක්.
අදට අවුරුද්දකුත් මාසයක්.
තාම නම් නෑ අපේ ගෙදර අළුත් කුස්සියක්.

පසුව ලියමි……
 
ගෙවුණත් තවත් මාසයක්.
දැන් නම් තියෙනවා මට අළුත් කුස්සියක්.
ඇත්නම් දකින්නට අසාවක්.
මේ තියෙන්නේ එකේ පින්තුරයක්.

 
අපේ අළුත් කුස්සිය
 

Wednesday, October 19, 2011

ආදරණීය ටයි මාමා

අප හැදුණේ, වැඩුණේ ඔබ තනා දුන් ලස්සන ළමා ලෝකය තුලයි. අප තවමත් ජීවත් වන්නේ ඔබ අපේ හඬින් අපට ලෙන්ගතු කල සදාදරණීය චරිත සමගයි. අප හොඳ නරක දැන හැඳින ගත්තේද ඒ අයගෙනුයි. ඒ සියලු දෙනාට ජීවය දුන් ඔබ දැන් ජීවය හැර ගොසිනි.

ආදරණීය ටයි මාමේ, ඔබට නිවන් සුව ලැබේවා !

Titus Thotawatte

Sunday, October 16, 2011

(අ)පහසු තේරීම

අපි ආස කරන හැම දෙයක්ම ඒ විදියටම ලබාගෙන සෑහීමට පත්වෙන්න කවමදාවත් අපට ඉඩක් නොලැබෙනු ඇත. ඒ මිනිස් සිත තුල ඇතිවෙන ආශාවන්ට සීමාවක් නැති බැවිනි. ඒ නිසා හැකි සෑම විටකම 'ලද දෙයින් සතුටු වන්න' අපි පුරුදු වෙමු.

Tuesday, October 11, 2011

බුද්ධිමත් වැඩිහිටියෙක්

ළමයි කැමති ඉක්මනට තරුණ වෙන්න. තරුණ අය කැමති හැමදාම තරුණවෙලා ඉන්න.
වයසට යන්න කව්රුත් අකමැති වුනාට බුද්ධිය පරිණත වෙන්නේ වයසත් එක්ක නම්,

බුද්ධිමත් වැඩිහිටියෙක් වෙන්න ඔබ අකමැති වෙන එකක් නැහැ.

Wednesday, September 14, 2011

දුකද සතුටක් නම්

සමහර අයට දුකක් දැනුනත් දුක් වෙවී ඉන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැති නිසා හරි දුකට පත් නොවී ඉන්න එක හොඳ දෙයක්. මොකද දුක් වීමෙන් සිතට කයට වෙන්නේ හානියක් නිසා. එත් සමහර අයට දුකත් එක්තරා රසයක්. හිත හිතා උවමනාවෙන්ම දුකට පත් වෙවී මේ අය ලබන්නේ සතුටක්. තවත් සමහර අයට දුක් වෙන්න අකමැති වුනත් දුක හිතෙන දේවල් අමතක කරන්න හැදුවත් මතක් වෙන්නෙම, හිතෙන්නෙම දුක හිතෙන දේවල්.

මොනවා වුනත් දුකක් දැනුනත් දුක් නොවී ඉන්න පුළුවන්නම්, ඒක හොඳ දෙයක්.

Sunday, June 12, 2011

සාප්පු සවාරි

සොයා ගත සැරසීමක්
කඩ සාප්පු තුල ගැවසීමක්
නෝනට වුවත් සැනසීමක්
මහත්තයටනම් වැනසීමක්