Sunday, April 29, 2012

ඇතුවත් බැරි නැතුවත් බැරි

සීනි වනාහී ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි. ඕනෑම සීනි අඩංගු ආහාරයක්, ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ග්ලූකෝස් බවට පත්වේ. ග්ලූකෝස් යනු අපේ  ශරීරයට ශක්තිය සපයන ප්‍රධාන ඉන්ධනයයි. මේනිසා සීනි නැතිවම බැරි දෙයකි. නමුත් බාහිරින් වෙනම ලබාගත යුතු දෙයක් නොවේ. අප ගන්නා ආහාරවල ප්‍රමාණවත් තරම් සීනි අන්තර්ගතවේ. පිෂ්ඨය අඩංගු ආහාරවලට අමතරව ඇතැම් එළවළු සහ පළතුරු වලද සීනි ඕනෑතරම් තිබේ. බොහෝ ගැටළු පැනනගින්නේ පිරිපහදු කරනලද සීනි ඇතුළත්කර සාදන ආහාරපාන භාවිතයට ගැනීම නිසායි. පිරිපහදු කරනලද සීනි ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂණය වේ. එය ශරීරයට අහිතකර අන්දමට බලපාන අයුරුයි මේ....

  1. මොළයේ ස්ව ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවීම - විෂාදයට මඟපෑදීම

මොළයේ ස්ව ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිවීම - විෂාදයට මඟපෑදීමශරීරයේ ප්‍රබෝධමත්බව ආරක්ෂා කරන රසායනිකය සෙරටොනින් නම්වේ. මොළය නිසියාකාරව ක්‍රියාත්මක වනවිට, නිපදවෙන සෙරටොනින් ප්‍රමාණය සමතුලිතව තබා ගැනීමට මොළයට හැකියාව ඇත. සීනි මගින් මෙම සෙරටොනින් මට්ට්ම ඉහළ නංවන අතර ශරීරයේ ක්‍රියාකාරීබව වැඩිකිරීමට හේතුවේ. එවිට සෙරටොනින් අතිරික්තයක් ඇතිබව සිතා කාලයත් සමඟ මොළය විසින් සෙරටොනින් නිපදවීම නතරකිරිම සිදුවිය හැක. එවිට ශරීරයේ ප්‍රබෝධමත්බව ආරක්ෂා කරගැනීමට දිගින් දිගටම සීනි ආහාරයට ගැනීමට සිදුවේ. නැතහොත්‍ ශාරීරික හා මානසික සමතුලිතතාවය නැතිවී විෂාදයට වුව මඟපාදයි.

  1. දත් දිරායාමට හේතුවීම

දත් දිරායාමට හේතුවීමදත්වල කුහර සැදෙන්නේ දත්වල රැඳෙන ආහාර ද්‍රව්‍යවල හටගන්නා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හේතුවෙනි. සීනි බැක්ටීරියා වර්ධනයට උපකාරීවන හෙයින් දත් දිරායාම, දත්වල කුහර ඇතිවීම, විදුරුමස් දියවීම හා දත් ගැළවීයාම සිදුවීමට උපකාරීවේ.

 

 

  1. දියවැඩියාව හෙවත් මධුමේහය

දියවැඩියාව හෙවත් මධුමේහයරුධිරයෙහි සීනි මට්ට්ම පාලනය කරන හෝමෝනය ඉන්සියුලීන් නම්වේ. සීනි අඩංගු ආහාරයක් ගත්විට ඛේටයේ මෙන්ම අග්න්‍යාශයික යුෂ වල අඩංගු එන්සයිම කිහිපයක් (ඇමිලේස්, ලැක්ටේස්, ඩයස්ටේස් වැනි) මගින් සීනි බිඳ හෙළීමට ලක්වී ග්ලූකෝස් ලෙස රුධිරයට එක්වේ. ශරීරය පරිභෝජනයට ගන්නේ එසේ රුධිරයේ පරිවහනය වන ග්ලූකෝස්ය. ඉන්සියුලීන් මගින් රුධිරයෙහි ඇති වැඩිපුර ග්ලූකෝස් කොටස ග්ලයිකෝජන් ලෙස පටකවල තැන්පත්කිරීම සිදුවේ. සීනි ඉන්සියුලීන් නිෂ්පාදනය අස්වාභාවික අන්දමින් ඉහළ නැංවීමට හේතුවේ. ඉන්සියුලීන් වැඩි වැඩියෙන් රුධිරයේ ඇති ග්ලූකෝස් ග්ලයිකෝජන්බවට‍ පත්කිරීම නිසා රුධිරයෙහි ග්ලූකෝස් මට්ට්ම නිශ්චිත ප්‍රමාණයට වඩා අඩුවේ. එවිට ශරීරය විසින් පටකවල ගබඩා කර  තිබෙන ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට බිඳහෙළීමට පෙළඹීම නිසා රුධිරයෙහි සීනි මට්ට්ම වැඩිවීම සිදුවේ. රුධිරයෙහි සීනි සාන්ද්‍රණය වැඩිවීම මෙන්ම අඩුවීමද මරණයට හේතුවීමට ඉඩකඩ තිබේ.

  1. අස්ථි දිරායාම හෙවත් ඔස්ටියෝපොරෝසිස්

අස්ථි දිරායාම හෙවත් ඔස්ටියෝපොරෝසිස්ජීරණයට ලක්වන සීනි නිසා ශරීරයේ ආම්ලිකතාවය වැඩිවීමක් සිදුවේ. අම්ල - භෂ්ම සමතුලිතතාවය රැකගනුවස් ආම්ලික බව උදාසීන කිරීමට භාෂ්මික ද්‍රව්‍යයක් ශරීරය තුළින්ම සපයාගැනීම සිදුවේ. භාෂ්මිකතාවයෙන් ඉතා ඉහළ කැල්සියම්, අස්ථි වල බහුලව ඇති බැවින් පහසුවෙන් මෙම ක්‍රියාවලියට දායකත්වය දක්වන්නකි. එවිට අස්ථි ක්ෂයවීම සිදුවේ. ඔස්ටියෝපොරෝසිස් නැමති රෝගී තත්ත්වය පවා ඇතිවීමට හේතුවේ.

  1. හදවත් රෝග - අධි රුධිර පීඩනය

හදවත් රෝග - අධි රුධිර පීඩනයසීනි සහිත පිරිසිදු රුධිරය සෛල කරා ගමන් කරන්නේ ධමනි හරහායි. විශාල වශයෙන් පරිවහනය වනවිට සීනි මගින් ධමනි, සීරීමට හා තුවාලවීමට ලක්වීමට ඉඩතිබේ. එවිට වේදනාකාරී දැවිල්ලක් හටගන්නා අතර මෙය ප්‍රදාහය නම්වේ. මෙයින් රුධිර නාලිකා ඉදිමීමට ලක්වෙන බැවින් අභ්‍යන්තර කුහරය සිහින් වෙයි. එවිට අවහිර වූ රුධිර නාලිකා හරහා ශරීරයට ප්‍රමාණවත් තරම් රුධිරය පොම්ප කිරීමට හදවතට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ. එයින් අධි රුධිර පීඩනය හා හෘද්‍යබාධ හටගනී.

  1. කොලෙස්ටරෝල් පාලනය අවිධිමත් වීම හා වෙනත් පෝෂණ ඌනතාවලට හේතුවීම

කොලෙස්ටරෝල් පාලනය අවිධිමත් වීම හා වෙනත් පෝෂණ ඌනතාවලට හේතුවීමසීනි ජීර්ණයට ලක්වෙන ක්‍රියාවලිය සඳහා විටමින්, ඛණිජ ලවණ හා එන්සයිම උපකාරීවේ. පිරිපහදු කරනලද සීනිවල මෙම පදාර්ථ අන්තර්ගත නොවේ. එමනිසා මේ සඳහා වැය කිරීමට ශරීරයට අත්‍යාවශ්‍ය එම පෝෂ්‍ය පදාර්ථ ශරීරය ඇතුළතින්ම ලබාගැනීමට පෙළඹේ. එවිට කොලෙස්ටරෝල් දහනය කිරීමට තරම් ඉතිරිය ප්‍රමාණවත් නොවීම මෙන්ම පෝෂණ ඌනතා නිසා හටගන්නා ඇතැම් රෝග වලට ඔරොත්තුදීමේ හැකියාවද අඩුවේ.

  1. අධික තරබාරුකම හෙවත් ස්ථුලතාවය

අධික තරබාරුකම හෙවත් ස්ථුලතාවයශරීරය තුළදී ඕනෑම වර්ගයක සීනි බිඳ හෙළීමට ලක්වී අවසානයේ ග්ලූකෝස් බවට පත්වේ. ග්ලූකෝස් ශරීරයට ශක්තිය සපයන ප්‍රධාන සංඝටකයයි. එමනිසා ග්ලූකෝස් ශරීරයට අත්‍යාවශ්‍ය වේ. නමුත් නිපදවෙන ග්ලූකෝස්  අවශ්‍ය ප්‍රමාණය ප්‍රයෝජනයට ගෙන වැඩිපුර කොටස මේදය (ග්ලයිකෝජන්) බවට පත්කර සෛල තුළ ගබඩාකර ගැනීම ශරීරයේ ස්වභාවයයි. එමනිසා අධික සීනි පරිභෝජනය මේද ස්ථරයේ ඝනකම වැඩිකර ගනිමින් ස්ථුලතාවයට මඟපාදයි.

  1. ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය අඩපණ කිරීම

ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමසීනි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට ක්‍රියාකරයි. කෙසේදයත් වෛරස හා බැක්ටීරියා වැනි බාහිර රෝගකාරක වලට එරෙහිව සටන් කරමින් ශරීරය රෝගකාරක විසබීජ වලින් ආරක්ෂාකර ගැනීමේ වගකීම දරණ සුදු රුධිරාණු සෛල මුළුමනින්ම බෙලහීන කර පැය කිහිපයක් තබන අතර ඒවායේ නිසි ක්‍රියාකාරීත්වය සියයට හතළිහකින් පමණ අඩුකිරීම මඟිනි.

  1. ශරීරය ඉක්මනින් වයස්ගතවීම

ශරීරය ඉක්මනින් වයස්ගතවීමසීනි ඇලෙනසුළුබවින් යුතුය. රුධිරයෙහි සීනි සාන්ද්‍රණය අධික වූ විට සෛල වලට අවශෝෂණය නොවී ඉතිරිවන සීනි අණු පටකවල ඇති ප්‍රෝටීන් අණු හා සම්බන්ධවේ. එවැනි ප්‍රෝටීන් අණු තවත් ප්‍රෝටීන් අණු හා හරස් බැඳීමක් ඇතිකර ගනියි. තද ගතියකින් යුතු මෙම ප්‍රෝටීන අණු පටකවල තැන්පත් වීම සිදුවේ. එවිට පටකවල ඝනකම වැඩිවේ. තවද පටක ක්‍රියාකාරීත්වයෙන් අඩුවේ. වයස්ගත වනවිට ශරීරයේ ඇතිවන නොයෙකුත් අපහසුතා ඉක්මනින්ම ඇතිවේ.

  1. පිළිකා රෝගීන්ට අහිතකර ලෙස බලපෑම

පිළිකා රෝගීන්ට අහිතකර ලෙස බලපෑමශරීරයේ හැම සෛලයකටම ශක්තිය සපයන්නේ ග්ලූකෝස් දහනය වීමෙනි. ශරීරයේ සාමාන්‍ය සෛල දිවිගෙවන්නේ කිසියම් ජීවන චක්‍රයකට අනුවයි. එනම් පැරණි සෛල මියයාම සහ ඒ අඩුව පිරවීමට අලුත් සෛල ජනනය හෙවත් සෛල බෙදීම වේ. නමුත් පිළිකා සෛල පැරණි සෛල මියයෑමෙන් තොරවම සෛල බෙදීම සිදුවේ. එනම් පිළිකා සෛල සීඝ්‍රයෙන් වර්ධනයවීම සිදුවේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය සපයමින් සීනි, පිළිකා සෛල මර්ධනයට එරෙහිව බලපෑම් කරයි.

මෙහි සඳහන් කර ඇත්තේ පිරිපහදු කරන ලද සීනි භාවිතයේ අහිතකර ප්‍රතිඵල ගැන කියැවෙන ප්‍රධාන කරුණු කිහිපයක් පමණි. සියළුම කරුණු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

No comments:

Post a Comment