Saturday, March 31, 2012

නැතුවම බැරි චීන සාරි

චීනයේ රෙදි වියන යන්ත්‍රයක්චීනය සාරි නිෂ්පාදනයට යොමුවී තිබේ. හාස්‍යය දනවන කාරණය එය නොවේ. සාරි නිෂ්පාදනයෙහි දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවට, චීනයෙන් සාරි ආනයනය කිරීමට සිදුවීමයි. විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනයෙහි දීර්ග කාලින පළපුරුද්දක් ඇති චීනය තම ආර්ථිකය සවිමත්  කිරීමෙහිලා වෙනත් රටවල ජනප්‍රිය භාණ්ඩ නිෂ්පාදනයටත් අපනයනයටත් පෙළඹී තිබේ. චීනය ඉන්දියාවේ අලංකාරම මෙන්ම වටිනාම සාරි මාදිලිය ලෙස සැළකෙන බණාරසී සාරි නිෂ්පාදනයට යොමුවී තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.

ඉන්දියාවේ වරණාසි නගරයේ අත්යන්ත්‍ර ඇසුරෙන් බණාරසී සාරි වියන පාරම්පරික සාරි වියන්නන්ඉන්දියාවේ වරණාසි නගරයේ පාරම්පරික සාරි වියන්නන් අතින් අති අලංකාර අන්දමින් නිමැවෙන අනර්ඝ බණාරසී සාරි වෙනුවට චීනයේ නිෂ්පාදිත ගුණාත්මකභාවයෙන් අඩු සාරි ආනයනය කරන්නේ, ඉල්ලුමට සරිළන සැපයුමක් නොමැති කමකට හෝ  චීන සාරි නැතිවම බැරි කමකට හෝ නොවේ. ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ සහනදායී මිළ ගණන් යටතේ පාරිභෝගිකයන් අතට පත් කිරීමට වෙර දරණ කූට ව්‍යාපාරිකයන්ගේ උවමනාවට සිදුවෙන දෙයකි. නමුත් මෙහි අහිතකර ප්‍රතිඵල අත්විඳින්නේ එවැනි වංචා වලට හසුවෙන පාරිභෝගික ජනතාව පමණක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට අත්යන්ත්‍ර සාරි නිපදවිමම ප්‍රධාන ජිවන උපාය කැරගත් පාරම්පරික සාරි වියන්නන්ද මෙයින් ආර්ථික අස්ථාවරත්වයකට පත්ව තිබේ.

Wedding Banarsi Sareeමෙහි භයානකම ප්‍රතිඵලය වන්නේ සම්ප්‍රදායික සාරි වියන්නන් තම රැකියාව අතහැර යාමේ අවදානමයි. එවිට තවදුරටත් අත්යන්ත්‍ර බණාරසී සාරි නිෂ්පාදනය වීමක් හෝ වෙළඳ පොළට නිකුත්වීමක් සිදු නොවනු ඇත.එනම් සැබෑ බණාරසී සාරි භාවිතයෙන් ඉවත් වීමයි. තවද ප්‍රදේශීය වශයෙන් මෙතෙක් කල් රැකගෙන ආ අත්යන්ත්‍ර සාරි නිමවුම් කලාවද මේ සමඟ මියැදෙනු ඇත.

මේ දක්වා ඉන්දීය රජයේ කිසිදු මැදිහත්වීමක් නොමැතිකම නිසා වරණාසි නගරයේ පාරම්පරික සාරි වියන්නන් මෙන්ම අවංක වෙළඳ ව්‍යාපාරික ජනතාවද මහත් අපහසුතාවයටත් දැඩි කනස්සල්ලටත් පත්ව හිඳියි. මේ පිළිබඳව රජයේ අවධානය යොමුවන තෙක් ගුණාත්මකබවින් යුතු සැබෑ බණාරසී සාරි මිළදී ගැනීමට අවැසි  අසරණ පාරිභෝගික ජනතාවද මඟ බලා සිටිනු ඇත.

CNN පුවත් සේවය මගින් මේ සම්බන්ධයෙන් සැකැසුණු වීඩියෝ දසුන පහතින් ඔබට නැරඹිය හැක.

Tuesday, March 27, 2012

රත්තරං වාගේ

කාලය රන් වගේදහසකුත් එකක් යුතුකම් හා වගකීම් එක්ක කාර්යබහුල වෙලා තියෙන අපේ ජීවිත වලට, දිනෙන් දින තව තවත් අළුතෙන් කොයිතරම් වැඩ කටයුතු එකතුවුණත්, ඒ වෙනුවෙන් වැය කරන්න වැඩිපුර කාලයක් ලැබෙන්නෙ නැහැනෙ. කරන්න තියෙන්නේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විධියට සැළසුම් කර ගන්න එකයි. කාලය  සැළසුම්  කර ගන්න පුළුවන් හොඳම විධිය මොකද්ද කියල මතක කර ගන්න, මේ වීඩියෝව නරඹලා ඉඳිමු. මේ කාල සැළසුම් වගුව පිළිබඳ කතාවක්.

කාලය සැළසුම් කර ගැනීමේදී ප්‍රමුඛත්වය දිය යුතු වැඩ කටයුතු ගැනයි මේ කියන්නේ

දැන් ඉතින් කරන්න තියෙන්නෙ, ඔබ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුතු වල ලැයිස්තුවක් හදාගෙන වැදගත්කම සහ අවශ්‍යතාවය අනුව කාල සැළසුම් වගුවට ඇතුළු කරගන්න එක. අපි දැන් උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කර ගනිමු එදිනෙදා කරන්නට සිදුවෙන වැඩ කටයුතු කිහිපයක් වගුවට ඇතුළත් කර ගත යුතු ආකාරය. පහත රූප සටහන ඒ සඳහා ඔබට‍ උපකාරී වේවි.

කාල සැළසුම් වගුව

ඊළඟට ඔබට පුළුවනි වගුවේ දක්වා අති ආකාරයට ප්‍රමුඛත්වය දෙමින් වැඩ ටික කාල සටහනක ළකුණු කර ගන්න.

1.නොකරම බැරි
2.කළයුතුම
3.නොකර බැරි කමට කළයුතු
4.කළත් නොකළත් පලක් ප්‍රයෝජනයක් නැති

ඒ තමයි ප්‍රමුඛත්වය දිය යුතු අනුපිළිවෙල.

මේ අනුව අනිවාර්ය්‍යයෙන්ම ඉක්මනින්ම කළයුතු ‘නොකරම බැරි’ වැඩ වලට පළමුවත්, වැඩි වෙලාවක් යෙදවිය යුතු ‘කළයුතුම’ දේවල් ටිකට දෙවනුවත් ඉඩ කඩ වෙන්කර ගත්තට පස්සෙ ‘නොකර බැරිකමට කළයුතු’ දේවලුත් කොහොමහරි ඔබේ කාල සටහනට ඇතුළු කර ගත්තා කියමුකෝ අන්තිමට ඉතිරි වෙන කිසිම වැදගත්කමක් නැති වැඩ වෙනුවෙන්, නාස්ති කරන්න කාලයක් ඉතිරි නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ කාලයත් දන්නෙම නැතිව ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් යෙදවුණු බව නේද ? මේ අනුව ‘කළයුතුම’ දේවල් වෙනුවෙන් වැඩි කාල වේලාවක් වෙන් කළ යුතු බවත් එමඟින් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවයත් වටිනාකමත් වැඩි වෙන බවත් ඔබට වැටහනවා නේද ?

දැන් ඉතින් කරන්න වෙලාවක් නෑ කියල කිසිම වැඩක් මගහරින්නේ නැතිව හරි වෙලාවට හරිදේ කරන්න පුරුදු වෙමු. ඔබට සුබ අනාගතයක් !

වෙලී ගලන                 රඟේ
ජිවන මඟ                    දිගේ
කාලය රන්                  වගේ
නොකර බැහැනෙ        අගේ

Thursday, March 22, 2012

හැඳිගාද්දී හැන්ද දියවුනොත්

දියවෙන ගැලියම් හැන්දබලාගෙන ඉන්දෙද්දීම දියවෙන අරුම පුදුම හැන්දක් ගැන පෙන්වන වීඩියෝ දසුනක් දැක ගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. මේ හැන්ද හදලා තියෙන්නේ සියයට අනූ නවයයි දශම නවයයි නවයයි අටක්ම පිරිසිදු ‘ගැලියම්’ ලෝහයෙන්. ලෝහයක් කියල කිව්වට ගැලියම් අනෙකුත් ලෝහ වලට සාපේක්ෂව ලෝහ ලක්ෂණ පෙන්නුම් කරනනෙ ඉතා අඩුවෙන්. ඒ නිසා එය දුබල ලෝහයක් ලෙසයි සැළකෙන්නේ. ගැලියම් වල ද්‍රවාංකය ඒ කියන්නේ ගැලියම් දිය වෙන උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක විසි නවයයි දශම හතයි හයයි (29.76 oC). මෙන්න මේ නිසයි ගැලියම් වලින් හදපු මේ හැන්ද කාමර උෂ්ණත්වය ඉක්මවපු ගමන් දියවෙන්න පටන් ගන්නේ.මේ නිසාම ගැලියම් උණු කරලා නැවත හැන්දක් හදා ගන්නත් හරිම පහසුයි.

හැඳිගාද්දී දියවෙන හැන්ද

ගැලියම් ලෝහය දැන හඳුනා ගන්නටත් මතකයේ රඳවා ගන්නටත් උපකාරී වන නිසා අධ්‍යාපනය ලබන දරුවන්ට මේ වීඩියෝ දසුන බොහොම වැදගත්. මීට අමතරව ගැලියම් ගැන දැනගත යුතු තවත් කරුණු ටිකක් කියන්නම්. 

පිරිසිදු ගැලියම් ලෝහ කොටසක්මේ තියෙන්නේ ගැලියම් ලෝහ කුට්ටියක්. ගැලියම් ස්වභාවිකව සොයාගත නොහැකි රිදී පැහැති, වීදුරැ වැනි මෘදු ලෝහයක්.  විස රහිත මුලද්‍රව්‍යයක් වන නිසා ගැලියම් වෛද්‍ය විද්‍යාවේදී රසදිය වෙනුවට උෂ්ණත්වමාන සඳහා යොදා ගන්නා අතර  ගැලියම් එන්නත් කිරීම මගින් පෙනහළු ආසදනයට ලක්ව ඇත්දැයි සොයා ගැනීමටද උපයෝගී කර ගනියි. ගැලියම්හි වාණිජ්‍ය භාවිතයේදී, ගැලියම් ආසනයිඩ් යොදාගෙන කරනු ලබන මයික්‍රෝ කිරණ යන්ත්‍ර පරිපථ, අධෝරක්ත කිරණ නිකුත් කරන උපකරණ නිෂ්පාදනයටද යොදා ගනියි. තවද ගැලියම් නයිට්‍රයිඩ් ලේසර් දියෝඩ හා එල්.ඊ.ඩී පහන් නිෂ්පාදනයේදී යොදා ගනියි. මෙහි දිදුළන බව හේතුවෙන් සූර්ය පැනල හා ප්‍රබල දර්පණ වල ආලේපයක් ලෙසද යොදා ගනියි.

Monday, March 19, 2012

නැටුමට නව අරුතක්

නැටුමට නව මුහුණුවරක්

එල්.ඊ.ඩී ඇඳුම් අද ලෝකයේ නවතම විලාසිතාවක් බවට පත්ව ඇති අතර මෙම ඇඳුම් ඇඳ පැළඳ නර්තනයේ යෙදෙන කොතෙකුත් නර්තන කණ්ඩායම් ලොවේ සිටියත් ජපන් ජාතික ‘ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා’ නර්තන කණ්ඩායම මෑතකදී මෙම ඇඳුමට ලබා දුන් වටිනාකම මේතාක් වෙනත් කිසිවෙකුත් විසින් ලොවට පසක් කර දී නොමැති තරම්ය.

නැටුමට මෙන්ම අඳුමටද නව මුහුණුවරක් එක කරමින් ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා නර්තන කණ්ඩායම විසින් මුල් වරට මෙම නැටුම ඉදිරිපත් කරන ලද්දේ සෝනි එරික්සන් සමාගම විසින් ජපානයේ ප්‍රමුඛතම දුරකථන සේවාව ලෙසින් සැළකෙන ඩොකොමෝ ආයතනය එක්කාසු කර ගනිමින් කළ ඔවුන්ගේ එක්ස්පීරියා ජංගම දුරකථන පෙළ වෙළඳ පොළට හඳුන්වා දීම වෙනුවෙන් කළ වෙළඳ දැන්වීමක් සඳහා නර්තනයේ යෙදෙමිනි. නමුත් ඔවුන් ලොව පුරා අති මහත් ජනප්‍රියත්වයට පත් වන්නේ පසුගියදා අන්තර් ජාලයට එක්කරන ලද පහතින් දැක්වෙන නර්තන වීඩියෝවත් සමඟිනි.

මෙම නැටුමට ට්‍රෝන්: ලෙගසි සිනමා පටයේ ආභාෂය ලැබී ඇති බව සැළකේ.

නැටුමට මෙන්ම අඳුමටද නව මුහුණුවරක්

Friday, March 16, 2012

ආදරවන්ත ක්වීබි

ක්වීබි තම ළමාවියේ මිනිස් සගයාව සමුගෙන යන්න නොදී තරයේ වැළඳගෙන උන් හැටි

දෙනෙතට කඳුළු නංවන සංවේදී දසුනක් දැකගන්න ලැබුණු වටිනා අවස්ථාවක් ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සුදානම.

ඩැමියන් ඇස්පිනාල් යනු වන ජීවී සංරක්ෂක නිළධාරියෙකු වන අතර ලෝක ප්‍රකට ඇස්පිනාල් පදනමේ ප්‍රාරම්භක සාමාජිකයාද වේ. ඇස්පිනාල් පදනම එංගලන්තයේ පොර්ට් ලිම්පනේ හා හෝව්ලට්ස් යන වන ජීවී උද්‍යානවල භාරකාර පදනම ලෙසින් කටයුතු කරන අතර මෙම කතාවේ කතානායකයා වන ‘ක්වීබි’ මෙම හෝව්ලට්ස් වන උයනේ ඩැමියන් ඇසුරේ හැදී වැඩුණු, දුටු මතින් ආදරය හිතෙන අපූරු ගෝරිල්ලාවෙකි.

පුරා පස් වසරක් ඩැමියන්ගේ අසීමිත ආදරය, සෙනෙහස නොඅඩුව විඳිමින් කෙළිදෙළෙන් වැඩුණු ක්වීබි පස්වැනි වියට එළැඹ සිටියෙදී, බටහිර අප්‍රිකානු ගැබෝන් ඝන වනයට මුදාහරින්නට කටයුතු කරන්නේ ඇස්පිනාල් වන ජීවී සංරක්ෂණ ක්‍රියාවලියේම අංගයක් ලෙසින් සැළකෙන වැඩුණු සතුන් වනගත කර සාමාන්‍ය දිවි පෙවෙතකට හුරු කිරීමේ අරමුණ ඇතිවය.

එලෙස වනයට මුදා හැර පස් වසරක ඇවෑමෙන් ඉතා හොඳින් වන දිවියට හුරු පුරුදුව සිටි ක්වීබි සොයා ගිය ගමනේ ඩැමියන් විසින් අත්දකින ලද සංවේදී, සොඳුරුතම සිදුවීම් පෙළ වීඩියෝ දසුනෙකින් දිගහැරෙන  අයුරුයි මෙලෙස ඔබට දැකගත හැකිවන්නේ.

දස හැවිරිදි ක්වීබිට තම ළමාවියේ කිසිවක් අමතක වී නොතිබුණි. අවිහිංසක කුඩා දරුවෙකු මෙන් ක්වීබි තම මිනිස් සගයා නැවත මුණගැසුණු සතුට විඳ ගනු පෙනුණි. ඔහුගේ දෑසින් ආදරය ගලා හැලුණි. ආපිට යා නොදී තම සගයාව තරයේ වැළඳගෙන හුණි. පෙනෙන තෙක් මානයෙන් එපිටට යන තෙක්ම ඔහුට සමු දෙමින් එනු පෙනුණි. ආදරවන්ත ක්වීබි, ඔබට සුබ අනාගතයක් .

ක්වීබිට තම ළමාවියේ මිනිස් සගයාව නැවත මුණගැසීම