Monday, July 12, 2010

ඇති තැන සහ නැති තැන

බහුතරයක් හිතාමතා වැදගත් ලෙස හැසිරෙන්නේ කවුරුන් හෝ ඇති තැන පමණි.නැති තැන තම දුර්වලකම් වලට හිස ඔසවන්නට දෙනවා පමණක් නොව නීච ලෙස ඒවාට තමා පාලනය කරන්නටද ඉඩදී නිවට ලෙස බලා සිටිති.ඇතැම් විට මේවා පුරුද්දට ගොස් කවුරුන් හෝ ඇති තැන වුවද දැනුවත්ව හෝ නොදැනුවත්වම දුර්වලකම් ප්‍රදර්ශනය වීම සිදුවේ. ජීවත් වෙන හැම තත්පරයක්ම මනා සිහියෙන් ජීවත් වන්න.

රහසින්වත් දුර්වලකම් වලට වහල් නොවන්න.

දෙවිධියක දෙන්නෙක්

ආදරය යනු, ස්වභාවය විස්තර කල නොහැකි මෘදු හැඟීමකි. එය එක් එක් පුද්ගලයාට දැනෙන්නේ හෝ හැඟෙන්නේ තමාට ආවේණික වූ අයුරෙනි. ඒ නිසා දෙදෙනෙකු අතර එකිනෙකා කෙරෙහි ඇතිවන ආදරය වුව එකිනෙකට වෙනස්වේ. නමුත් එකිනෙකා කෙරෙහි පවතින ආකර්ෂණය හා බැඳීම රඳා පවතින්නේ මේ ආදරය මත නොව ආදරය දක්වන ආකාරය මතය. ඔබ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට දැක්විය යුත්තේ ඔහු හෝ ඇය විඳින්නට ආසා කරන ආදරය මිස ඔබ විඳින්නට ආසා කරන ආදරය නොවේ. දෙදෙනාම මෙය වටහා ගැනීමෙන් දෙදෙනාටම හිමිවන්නේ තමා බලාපොරොත්තුවෙන ආදරයයි.

Tuesday, June 29, 2010

පාලනයට ලක්වෙන පාලකයෝ

පාලනයට ලක්වෙන්න කමති නැතත් පාලනය කරන්න නම් සමහරු කැමතියි. ඒත් ඔබ දන්නවද අපි හැමෝම පාලනයට ලක්වෙන පාලකයෝ බව.

අපි පාලනයට ලක්වෙන්නෙ ස්වභාව ධර්මයාගෙන්. අපි පාලනය කරන්නෙ අපිවමයි.