Tuesday, March 27, 2012

රත්තරං වාගේ

කාලය රන් වගේදහසකුත් එකක් යුතුකම් හා වගකීම් එක්ක කාර්යබහුල වෙලා තියෙන අපේ ජීවිත වලට, දිනෙන් දින තව තවත් අළුතෙන් කොයිතරම් වැඩ කටයුතු එකතුවුණත්, ඒ වෙනුවෙන් වැය කරන්න වැඩිපුර කාලයක් ලැබෙන්නෙ නැහැනෙ. කරන්න තියෙන්නේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විධියට සැළසුම් කර ගන්න එකයි. කාලය  සැළසුම්  කර ගන්න පුළුවන් හොඳම විධිය මොකද්ද කියල මතක කර ගන්න, මේ වීඩියෝව නරඹලා ඉඳිමු. මේ කාල සැළසුම් වගුව පිළිබඳ කතාවක්.

කාලය සැළසුම් කර ගැනීමේදී ප්‍රමුඛත්වය දිය යුතු වැඩ කටයුතු ගැනයි මේ කියන්නේ

දැන් ඉතින් කරන්න තියෙන්නෙ, ඔබ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ කටයුතු වල ලැයිස්තුවක් හදාගෙන වැදගත්කම සහ අවශ්‍යතාවය අනුව කාල සැළසුම් වගුවට ඇතුළු කරගන්න එක. අපි දැන් උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කර ගනිමු එදිනෙදා කරන්නට සිදුවෙන වැඩ කටයුතු කිහිපයක් වගුවට ඇතුළත් කර ගත යුතු ආකාරය. පහත රූප සටහන ඒ සඳහා ඔබට‍ උපකාරී වේවි.

කාල සැළසුම් වගුව

ඊළඟට ඔබට පුළුවනි වගුවේ දක්වා අති ආකාරයට ප්‍රමුඛත්වය දෙමින් වැඩ ටික කාල සටහනක ළකුණු කර ගන්න.

1.නොකරම බැරි
2.කළයුතුම
3.නොකර බැරි කමට කළයුතු
4.කළත් නොකළත් පලක් ප්‍රයෝජනයක් නැති

ඒ තමයි ප්‍රමුඛත්වය දිය යුතු අනුපිළිවෙල.

මේ අනුව අනිවාර්ය්‍යයෙන්ම ඉක්මනින්ම කළයුතු ‘නොකරම බැරි’ වැඩ වලට පළමුවත්, වැඩි වෙලාවක් යෙදවිය යුතු ‘කළයුතුම’ දේවල් ටිකට දෙවනුවත් ඉඩ කඩ වෙන්කර ගත්තට පස්සෙ ‘නොකර බැරිකමට කළයුතු’ දේවලුත් කොහොමහරි ඔබේ කාල සටහනට ඇතුළු කර ගත්තා කියමුකෝ අන්තිමට ඉතිරි වෙන කිසිම වැදගත්කමක් නැති වැඩ වෙනුවෙන්, නාස්ති කරන්න කාලයක් ඉතිරි නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ කාලයත් දන්නෙම නැතිව ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් යෙදවුණු බව නේද ? මේ අනුව ‘කළයුතුම’ දේවල් වෙනුවෙන් වැඩි කාල වේලාවක් වෙන් කළ යුතු බවත් එමඟින් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවයත් වටිනාකමත් වැඩි වෙන බවත් ඔබට වැටහනවා නේද ?

දැන් ඉතින් කරන්න වෙලාවක් නෑ කියල කිසිම වැඩක් මගහරින්නේ නැතිව හරි වෙලාවට හරිදේ කරන්න පුරුදු වෙමු. ඔබට සුබ අනාගතයක් !

වෙලී ගලන                 රඟේ
ජිවන මඟ                    දිගේ
කාලය රන්                  වගේ
නොකර බැහැනෙ        අගේ

No comments:

Post a Comment