මෙහි ඉහළින් දක්වා ඇති වීඩියෝවත් පහළින් දක්වා ඇති වීඩියෝවත් එකවර ක්‍රියාත්මක කර බලන්න. පහළින් දැක්වෙන්නේ ඔබ දැනටමත් අනේක වාරයක් නරඹා ඇති ජූඩ්සන් ලෙයිප්ලිගේ සුප්‍රසිද්ධ ‘නර්තනයේ විකසනය’ නම් වීඩියෝව වන අතර ඉහළින් දැක්වෙන්නේ එම නර්තනයම කේතගතකර, අතිශය මිනිස් හැසිරීම්වලින් යුතු ‘නඕ’ රොබෝවරයෙකුව නර්තනයේ යෙදීමට සැලැස්වූ අවස්ථාවට අදාල වීඩියෝවයි.
වීඩියෝ දෙකම එකවර ක්‍රියාත්මකකර බලන්න.
නඕගේ නර්තනය සියයට සියයක් ජූඩ්සන්ගේ නර්තනයට සමාන නොවුණද කෙතරම් සිත්ගන්නාසුළුද බලන්න.
නඕ රොබෝවරු ගැනත් එම රොබෝවරු නිෂ්පාදනය කරන ඇල්ඩිබරන් රොබෝ නිෂ්පාදන ආයතනය ගැනත් වෙනත් දවසක විස්තර ගෙන එනතුරු…
රොබෝවරුන්ගේ තවත් නර්තන කිහිපයක් පහළින්…
අපූරුයි ගීතිකා .අපූරුයි කියන්නේ පෙර නොවූ විරූ කියන එකනේ .මේ නර්තනයන් මීට කලින් මගේ ඇස ගැටිලා නැහැ .ඒත් දෙයක් මිනිස් ශරීරයකින් පෙරී එන නර්තනයකට අලගු තබන්නටවත් මේ රොබෝවරුන්ට සදාකාලයම බලා උන්නත් හැකි වෙන එකක් නෑ.
ReplyDeleteඒක ඇත්ත... සහජයෙන් ලැබුණු හැකියාවන් පුහුණුවෙන් ඔපමට්ටම් කරගත් මිනිස් සිරුරකින් මැවෙන නර්තන විලාසයන්හි සුන්දරත්වයටත්, තාත්විකබවටත් අභියෝග කරන්න කවමදාවත් රොබෝවරුන්ට බැහැ. මොකද... මිනිසුන්ගේ හෝ වේවා සතුන්ගේ හෝ වේවා ‘ජීවය’, කිසිදා පැහැදිලි කරගත නොහැකි අසිරිමත් දෙයක්. කවමදාවත් කළ නොහැකි බව දැන දැනත් මිනිස්සු රොබෝවරුන්ට ජීවය දෙන්න මේ තරම් වෙහෙසෙන්නේත් අන්න ඒ නිසායි.
Delete